සම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගිය මූල්‍යකරණයේ සියවසකට වැඩි විශ්වාසනීය නාමයක් හිමි අපගේ ආචාරශීලී හා සුහද සේවය තුළින් ඔබගේ සියලු මූල්‍ය අවශ්‍යතා සඳහා අපි හා එක්වන ලෙස ආරාධනා කරමු.

අපගේ දැක්ම

රාජ්‍ය සේවකයන්ගේ යහසාධනය හා මූල්‍ය ක්ෂේත්‍රයේ සදා සහකරු වීම.

අපගේ මෙහෙවර

අපගේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතු සාමාජික අවශ්‍යතා හඳුනාගෙන නව්‍යකරණයට භාජණය කර ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව සේවාවක් සැපයීම. සාමාජික අවශ්‍යතා හඳුනාගෙන අඛණ්ඩ සේවාවක් සැපයීම සඳහා ශක්තිමත් මූල්‍ය පදනමක් සකස් කර සාමාජික සුභසාධනය සඳහා කැපවීම. මූල්‍ය විනයක් හා වෘත්තීය දැනුමකින් පිරිපුන් සේවක මණ්ඩලයක් බිහි කිරීම.

අපගේ අරමුණු

  • ස්වකීය සාමාජිකයන් අතර සකසුරුවම්කම ප්‍රවර්ධනය කිරීම.
  • රෝගාතුර වන අවස්ථාවලදී ආපදාවලදී සහ මූල්‍ය දුෂ්කරතා ඇති අවස්ථාවලදී සාමාජිකයන්ට සහන  සැලසීම.
  • සංගමයේ රීතිවලට අනුකූලව සංස්ථාව විසින් කලින් කළ තීරණය කරනු ලබන කාර්ය සඳහා සාමාජිකයන්ට ණය ප්‍රදානය කිරීම.
  • සංගමයේ රීතිවලට අනුකූලව සාමාජිකයන්ගේ ප්‍රතිලාභ සඳහා විශ්‍රාම ප්‍රතිලාභ යෝජනා ක්‍රමයක් පිහිටුවා පරිපාලනය කිරීම.
  • සංගමයේ රීතිවලට අනුකූලව මරණ පාරිතෝෂික යෝජනා ක්‍රමයක් පිහිටුවා පරිපාලනය කිරීම.
  • සංගමයේ රීතිවලට අනුකූලව සාමාජිකයන්ගේ ප්‍රතිලාභ සඳහා අවශ්‍ය විය හැකි වෙනත් සියලු දේ කිරීම.
  • උදෑසන 8.00 සිට ප්‍රධාන කාර්යාලය ගණුදෙණු සඳහා විවෘත කෙරේ.

රජයේ නිලධාරීන්ගේ යහසාධක සංගමයේ සංවිධාන ව්‍යුහය

 

අපගේ නෛතික ස්වභාවය

වර්ෂ 1971 අංක 27 දරණ පාර්ලිමෙන්තු පනතින් සංස්ථාපනය කර ඇත.
(සංගමයේ ආරම්භය වර්ෂ 1909)